Saturday, December 1, 2012

7. Project Information

ඔන්න අපේ අළුත් පාඩම පටන් ගන්නයි යන්නේ. මේ Project Information කියන තැන තමයි අපේ project එක පටන් ගන්න දවස වගේ WBS එකට අදාළ ප්‍රධාන තොරතුරු ටික තියෙන්නේ. එතැනට යන්නේ මෙන්න මේ විදියට: Project -> Project Information...



මෙතනදී අපිට පුළුවන් හරියටම අපේ Project එක පටන්ගන්නේ කවදද කියලා සඳහන් කරන්න. මම Start date: එක 2010 සැප්තැම්බර් 06 වෙනිදා විදිහට දානවා. බලන්න, Finish date: එකේ අපිට වෙනසක් කරන්න බෑ. අපි WBS එකේ දාලා තියෙන Predecessors, Duration අනුව හැදුන Finish Date එක තමයි එතන පෙන්නන්නේ. Schedule from: කියන තැන 'Project Start Date' කියලා select වෙලා තියෙන නිසා තමයි ඒ දේවල් එහෙම උනේ. ඕනනම් ඒක මාරු කරලා බලන්න. මමනම් ඒ අනිත් විදිහට Schedule from: Project Finish date සිලෙක්ට් කරලා WBS එකක් හදලානම් නෑ.

ඊලඟට මේ වින්ඩෝ එකේ අනිත් වැදගත්ම දේ Calendar කියන එක. හොඳට බලන්න, එතන by default සිලෙක්ට් වෙලා තියෙන්නේ 'Standard' කැලැන්ඩර් එක. අපිට මෙතනට ආපහු එන්න වෙයි අපේම කැලැන්ඩර් එකක් හදාගෙන.

දැන් වින්ඩෝ එක ඕකේ කරලා බලන්න Start Date එක මාරු කරපු නිසා මොකද උනේ කියලා.



අපි දාපු Start Date එකේ ඉඳන් දින ටික ආපහු හැදිලා නේද? Start, Finish columns දෙකේ වෙනස්කම් වෙච්ච නිසා තමයි ඒවා නිල් පාටින් පේන්නේ. දැන් බලන්න Duration column එක දිහා. තාමත් ඒකේ ප්‍රශ්නාර්ත ලකුණු. ඒකට මොකද කරන්නේ? අපි අපේ project එකට අදාල කාල සීමාවන් ඒ එක එක task එක ඉස්සරහින් Duration column එකේ දැම්මාම හරි. දැනට තියෙන්නේ MS Project වලින් අපිට දීපු default values නේ. ඒකයි ඒ ප්‍රශ්නාර්ත ලකුණු තියෙන්නේ. ඔන්න මම ඒවා දැම්මට පස්සේ අපේ WBS එක පේන්නේ කොහොමද කියලත් පෙන්නන්නම්කෝ. මතක තියාගන්න, Summary Task වල පෙන්නන Duration අපිට වෙනස් කරන්න බෑ. Sub Tasks වල Duration එකතුව තමයි Summary Task එකේ පෙන්නන්නේ.


Finish Date එක තව පොඩ්ඩක් වෙනස් වෙලා නේද.

1 comment: