Monday, August 23, 2010

පිවිසුම

Microsoft (MS) Project කියන මෘදුකාංගය අපි හඳුනගන්නේ ව්‍යාපෘති කළමනාකරණයේදී (Project Management) බොහෝ උදව් ලබා දෙන මෘදුකාංග මෙවලමක් (Software Tool) හැටියටයි. ඒකේ ප්‍රධානතම කාර්‍යය තමයි Work Breakdown Structure (WBS) එකක්, එහෙමත් නැත්නම් කාර්ය විභේදන සැලස්මක්, හදාගෙන අපේ ව්‍යාපෘතිය කාර්යක්ෂමව, නිවැරදි පාලනයකින් යුතුව පවත්වාගෙන යන්න උපකාරී වෙන එක. මගේ මේ බ්ලොග් අඩවියේ අරමුණ මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණයේදී (Software Project Management) MS Project භාවිතා කරන කෙනෙක් හැටියට ඒ ගැන මා ලබාගෙන තියෙන දැනුම හා අත්දැකීම් මා දන්නා තරමින් ඔයාලා හැමෝම එක්ක බෙදා ගැනීමයි. එහිදී මා අතින් වෙන අඩුපාඩු, මග ඇරෙන තැන් පෙන්වලා දීලා මා එක්ක මේ බ්ලොග් අඩවියේ පිටු හරහා ගමන් කරන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මගේ මේ උත්සාහයෙන් ඔයාලාට ප්‍රයෝජනයක් වෙනවානම්, ඔයාලාගේ ඉදිරි වැඩ කටයුතු වලට එය යොදාගන්න ඔයාලට පුළුවන්කමක් ලැබෙනවානම් ඒක තමයි මගේ සතුට. ඒ පින මේ වගේ බ්ලොග් අඩවියක් අරඹන්න මට දිරියක් වුන හැමෝටම ලැබෙනවා ඇති.

No comments:

Post a Comment