මම මේ බ්ලොග් අඩවිය පුරා සටහන් තබන්න සූදානම් වෙන්නේ MS Project 2007 ආශ්‍රයෙන්. මොකද මම මේ ලියන දවස් වල මගේ පරිගණකයේ ස්ථාපනය (install) කරලා තියෙන්නේ ඒ version එක නිසා. ඉදිරියේදී මේ මෘදුකාංගය තව තවත් වැඩි දියුණු වෙලා අළුත් අළුත් විශේෂ ලක්ෂණත් එක්ක කළ එළි බහින්න පුළුවන්. ඒත් මේ ලියන ටික කාගේ හරි MS Project ගැන දැනුමට පදනමක් ගොඩනගයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මුලින්ම අපි සරලම තැන ඉඳලා පටන් ගමු. MS Project කියන්නේ Microsoft Office මෘදුකාංග කට්ටලය ඇතුළට අයත් වෙන මෙවලමක්. නමුත් එය MS Word, MS Excel වගේ Operating System එක සමග ලැබෙන්නේ නෑ. එය වෙනමම මිලදීගෙන පරිගණකයේ install කරගත්තාට පස්සේ අපිට ඒ අනිත් office packages තියෙන මෙනුවෙන්ම එය open කරගන්න පුළුවන් වෙනවා.
මේ තියෙන්නේ ඒ විදියට MS Project open කළාම අපිට දකින්න ලැබෙන දේ.
ඉතිං MS Project open කරපු ගමන් අපිට දකින්න ලැබුණ ඒ view එකට කියන්නේ Gantt Chart View කියලා. එහෙම කියන්නේ ඒ දකුණු පැත්තෙන් පේන්න තියෙන දින දර්ශනයක් වගේ කොටස නිසා. බැලූ බැල්මට අපිට හුරු පුරුදු MS Excel Sheet එකක පෙනුම තියෙන වම් පැත්තට අපි දත්ත ඇතුලත් කරන කොට ඒවා පදනම් කරගෙන දකුණු පැත්තේ හරි අපූරු රූප සටහනක් ඇඳෙනවා. අන්න ඒකට තමයි Gantt Chart කියන්නේ. Gantt Chart ගැන වැඩි විස්තර බලන්න ඕනෙනම් Wikipedia පැත්තෙත් ගිහින් එන්නකෝ.
No comments:
Post a Comment