Monday, August 23, 2010

1. WBS යනු කුමක්ද

WBS කියන්නේ ව්‍යාපෘති කළමනාකරුවෙකු (Project Manager) විසින් භාවිතා කරන ඉතාම වැදගත් මෙවලම කියලා හැඳින්වුවොත් හරි. ඒකෙන් මුළු ව්‍යාපෘතියම ධූරාවලියක් (hierarchical view) විදියට අපිට පෙන්වනවා. WBS එක මගින් ව්‍යාපෘතියේ විෂය පථය (scope), ඒ කියන්නේ ව්‍යාපෘතියේ ඇතුළත් වන්නේ මොනවාද නොවන්නේ මොනවාද යන්න, පැහැදිලිව හඳුනාගන්න අපිට උදව් ලබා දෙනවා. ව්‍යාපෘතියේ න්‍යාය පත්‍රය, එහෙමත් නැත්තම් කාර්ය සටහන නිර්ණය කෙරෙන්නේ මේ WBS එක තුළින්. එතනදී අපි ව්‍යාපෘතියේදී කරන්නට බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අවසාන කුඩාම කාර්‍යය (simpler, smaller activities) වෙනකල් කඩා ගන්නවා. ඒකයි මේකට කාර්ය විභේදන සටහන කියන්නේ.

WBS නිරූපණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා:
1. රූප සටහනක් ලෙස
2. ලැයිස්තුවක් ලෙස

MS Project භාවිතා කරලා අපි ගොඩනගන්න යන්නේ මේ කියපු දෙවෙනි ආකාරයේ ලැයිස්තුගත WBS එකක්.

WBS එකක් ගොඩනගාගන්න අපි ඒ අදාළ tasks හඳුනාගන්න ආකාර දෙකකුත් තියෙනවා:

1. Bottom Up (පහළ සිට ඉහලට)
මුළු ව්‍යාපෘතිය ගැන හොඳින් විශ්ලේෂනය කරලා, පෙර අත්දැකීම් පාවිච්චි කරලා කාර්ය ලැයිස්තුවක් හදාගෙන, ඊලඟට ඒවා එකිනෙකාට ඇති සම්බන්ධය අනුව summary tasks යටතට වර්ග කරන්න පුළුවං.

2. Top Down (ඉහල සිට පහළට)
ව්‍යාපෘතියේ නමින් සටහනට පොදු ආරම්භයක් ලබා දීලා, ඊලඟට ඒවා කුඩා කුඩා කොටස් අනු කොටස් වලට කඩලා සවිස්තරාත්මකව ඒ කාර්ය විභේදනය කරන්නත් පුළුවං.

[WWW1]

No comments:

Post a Comment