MS Excel වල වගේම මේ වම් අත පැත්තේ තියෙන task sheet එකේ තිරස් අතට තියෙන ඒවා rows විදියටත්, සිරස් අතට තියෙන ඒවා columns විදියටත් අපි හඳුන්වනවා. ඔයාලට දකින්න ලැබෙන නිල් පාට රවුමෙ තියෙන 'i' අකුරත් එක්ක තියෙන Information, Task Name, Duration, Start, Finish, Predecessor සහ Resource Names කියන columns MS Project විසින් ඉබේම ඔයාලාගේ task sheet එකට එකතු කරලා දීලා තියෙනවා. ඒ සාමාන්‍යෙන් Work Break Down Structure එකක පෙන්වන දත්ත. ඊට අමතරව අපිට එකතු කරගන්න ඕන අනෙක් columns වෙනමම එකතු කරගන්න පුළුවන් මේ විදියට:
අපිට එකතු කරගන්න උවමනා column එක Field name: වල select කරලා Ok click කළාම ඒක අපේ task sheet එකට එකතු වෙනවා.
MS Excel sheet එකක columns එහා මෙහා කරනවා වගේ column එකක් mouse එකෙන් drag කරගෙන ඇවිත් අපිට ඕන තැනකින් තියන්නත් පුළුවන්. දැං අපි ඒ වගේ Unique ID සහ Cost columns අපේ task sheet එකට එකතු කරගනිමු.
දැං අපේ WBS එකට අවශ්‍ය ප්‍රධානතම columns ටික අපි එකතු කරගෙන ඉවරයි. දැං අපි ඒ එක් එක් column එකක වැදගත් කම ගැන හොයා බලමු.
Unique ID:
මේ column එකේ එක task එකට එක value/number එක ගානේ Unique ID එකක් තියෙනවා. විශේෂත්වය තමයි tasks දෙකක් මැද්දට තව එකක් පස්සේ එකතු උනොත් අර කලින් තිබුණ task වල Unique ID වලට වෙනසක් වෙන්නේ නෑ, අළුතෙන් එකතු උන එකට අළුත් value එකක් ලැබෙන්නේ. ඉතිං මේ Unique ID එක, WBS එකේ data තව කොහේට හරි අපි පාවිච්චි කරනවනම් ඒ task වලට reference එකක් තියාගන්න බොහෝම ප්‍රයෝජනවත් වෙනවා.
Task Name:
WBS එකේ work breakdown වෙන්නේ, එහෙමත් නැත්නම් කාර්ය විභේදනය වෙන්නේ පුංචි පුංචි tasks විදියට. ඉතිං මේ task පෙළ ගස්වලා සඳහන් කරන තැන තමයි Task Name column එක.
Duration
මේ වචනේ සිංහල තේරුමෙන්ම කියවෙනවා මේ column එකේ තියෙන්නේ මොනවද කියලා. යම් task එකක් සම්පූර්ණ කරන්න ගත වන කාලය තමයි duration කියන්නේ.
Start
Task එකක ආරම්භක දිනය සටහන් වෙන්නේ මේ column එකේ.
Finish
ආරම්භයක් සටහන් වෙන හැම දේකම අවසානෙකුත් සටහන් වෙන්න ඕනේ නිසා task එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන දිනේ අපි මේ column එකේ සටහන් කරනවා. බොහෝ විට මේ දිනය ආරම්භක දිනයට වඩා වැදගත් වෙනවා, මොකද task එක කළිං පටන් ගත්තත් පහු වෙලා පටන් ගත්තත් deadline එක පහු නොකර වැඩේ ඉවර කරන්න ඕනේ නිසා.
Work
මේ column එකේ සඳහන් වෙන්නේ task එක සම්පූර්ණ කරන්න වැය වෙන මිනිස් පැය (man hours) ගණන. Work එකෙයි Duration එකෙයි වෙනස පැහැදිලි නැති අයට මම ඒ ගැන උදාහරණෙකින් පැහැදිලි කරන්නම්.
ඔන්න task එක තමයි කාණුවක් කැපීම. මේකට resources විදියට Nimal සහ Kamal කියලා දෙන්නෙක් යොදා ගන්නවා. දෙන්නාටම වැඩේ ඉවර කරන්න පැයක් ලැබෙනවා. එතකොට ඒ විස්තර අපි මේ අඳුනගත්ත columns වල සඳහන් වෙන්නේ මෙහෙමයි:
Task Name : කාණුව කැපීම
Duration : 1 hrs
Work : 2 hrs
Cost
යම් task එකක් සම්පූර්ණ කරන්න වැය වන මුදලේ වටිනාකම තමයි මේ column එකේ සඳහන් වෙන්නේ. මේ අගය අපි ඒ task එක සඳහා යොදාගන්නා resources මත වෙනස් වෙනවා. ඒ ගැන Resource Sheet එක පැහැදිලි කරන වෙලාවට තවත් හොඳට විස්තර කරලා දෙන්නම්.
Predecessors
මේ column එකේ නමේ සිංහල තේරුම ගත්තොත් ඒ කියන්නේ පුරෝගාමියා, එහෙමත් නැත්නම් කළින් සිටි තැනැත්තා. මේක successor එහෙමත් නැත්නම් අනුප්‍රාප්තිකයා කියන වචනේ විරුද්ධ පදය. මේ column එකේ අපි සඳහන් කරන්නේ යම් task එකක් සිද්ධ කරන්න ඊට කළිං සම්පූර්ණ වෙන්න ඕන task එක මොකද්ද කියලයි. ඉස්සරහදී අපි task sheet එකේ තොරතුරු ඇතුළත් කරන වෙලාවට මම මේ ගැන වැඩි දුර පැහැදිලි කරන්නම්.
Resource Names
යම් task එකක් කරන්න සහභාගි වන පිරිස කවුද කියලයි අපි මේ column එකේ සඳහන් කරන්නේ. එතන එක්කෙනෙකුගේ නමක් වෙන්නත් පුළුවන්, කීප දෙනෙකුගේ නම් සඳහන් වෙන්නත් පුළුවන්. හැම වෙලේම අපි කළින් ඉගෙන ගත්ත Work column එකේ අගය MS Project tool එකෙන් හදාගන්නේ මේ Resource Names column එකේ ඉන්න සාමාජිකයන් ගණනේත්, Duration එකේත් ගුණිතය අනුවයි.

No comments:
Post a Comment