Predecessor කියන column එක ගැන අපි Columns පාඩමේදී තරමක් දුරට කතා කළා. දැං අපි ඒ ගැන හොඳට කතාකරලා පැහැදිලි කරගමු. Predecessor කියන්නේ පෙරටුගාමියා, එහෙමත් නැත්නම් යම් කාර්යයක් මේ මොහොතට කළින් භාරව සිටි කෙනා. MS Project WBS ගැන කතා කරද්දී අපි Predecessor කියන්නේ, යම් task එකක් ආරම්භ කරන්න කළිං අවසන් කරන්න ඕනේ මොන කාර්යයද කියලා. මේ predecessor වලින් තමයි අපේ WBS එකේ සඳහන් කෙරෙන tasks සිද්ධ කෙරෙන්නේ මොන පිළිවෙලටද කියලා තීරණය වෙන්නේ. අපේ taks එක යට එක පිළිවෙලට දැම්මට MS Project වලින් ඒ ක්‍රියා පටිපාටිය අඳුනගන්නේ නෑ, මේ විදියට predecessors set කරන්නම වෙනවා MS Project වලින් WBS එක හරියට හදාගන්න. අපි කෑමක් බීමක් හදන කොට උනත් ඒක කරන ක්‍රියා පටිපාටියක් තියෙනවනේ. ඔන්න උදාහරණයක් ගමුකො. අපි තේකක් හදනකොට මුලින්ම වතුර උතුරවගන්නවා. ඊට පස්සේ තේ කොළ තැම්බෙන්න තියනවා. ඔය දෙක විතරක් අරන් අපි predecessor ගැන අදහසක් ගමු:
- වතුර උතුරවාගැනීම
- තේ කොළ තම්බාගැනීම
එතකොට මේ කියපු දෙවෙනි task එක සිද්ධ කරන්න කළිං අපි අන්තිමට ඉවර කරන්නේ පළවෙනි task එක. එතකොට පළවෙනි task එක දෙවෙනි task එකේ predecessor වෙනවා. දැන් පැහැදිලිද?
දැං අපි MS Project වලින් මේ දේ කරන හැටි බලමු.
අපේ WBS එකේ task වලින් මම අන්තිමටම ඇතුල් කරගත්ත 6, 7, 8, 9 Unique IDs තියන task ටිකෙන් මේක පැහැදිලි කරන්නම්. මොකද ඉතිරි හරියට තව sub tasks ඇතුලත් කරන්න තියනවා. අපි දන්නවා, අපේ ව්‍යාපෘතියේ මුල්ම පියවර වෙන Gather Client Requirements කියන එක තමයි අපි එහෙම තවත් කුඩා කොටස් වලට කඩලා ඒ tasks 4 හදාගත්තේ. ඒ අතරින් මුලින්ම වෙන්න ඕනේ 6 වෙනි task එක. එතකොට, මුල්ම කෙනාට කළින් වෙන කිසිම කෙනෙක් ඉන්න විදියක් නැති නිසා, අපේ WBS එකේ මුලින්ම කරන task එකට predecessor කෙනෙක් දාන්නේ නෑ. ඊලඟට, 6 වෙනි එක සම්පූර්ණ වුනාට පස්සේ අපි 7 වෙනි එක කරන්න ඕනේ. ඒ කියන්නේ, 7 වෙනි task එකට කළින් අන්තිමට ඉවර කරන්න තියෙන්නේ 6 වෙනි එක. මතක තියාගන්න, මම මේ ඉලක්කමෙන් කියන්නේ Unique ID column එක පාවිච්චියෙන් හොඳේ. මොකද ඒකේ අගයන් කොයිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නෑනේ. එතකොට 7 වෙනි task එකේ predecessor 6 වෙනි task එක. ඒත් අපි Predecessor column එකට අගයන් දාන්නේ serial column එකෙන් (අර මුලින්ම තියෙන ඉලක්කම් වැටිච්ච දුඹුරු පාට column එක). මොකද, MS Project මේ tasks අඳුරගන්නේ ඒ serial එකෙන් නිසා. Unique ID කියන්නේ අපේ පහසුවට (for the purpose of reference) දාගත්තු column එකක් කියලා මම Columns පාඩමේදී කිව්වනේ. ඒ නිසා අපි 6 වෙනි task එකේ serial එක 7 වෙනි task එකේ Predecessor column එකට අයිති cell එකට දානවා මෙන්න මෙහෙම:
දැක්කද මොකද උනේ කියලා? Gantt Chart එකේ 7 වෙනි task එක ඊලඟ දවසට පැනලා. 6 වෙනි එකේ අග ඉඳන් 7 වෙනි task එකේ මුලට ඊතලේකුත් ඇඳිලා. ඇයි එතන විතරක්යැ, task sheet එකෙත් වෙනස් කම් සිද්ධ වෙලා. අර නිල් පාට වෙලා තියෙන්නේ අපි අන්තිමටම කරපු දෙයින් වෙනස් වෙච්ච තැන් තමයි. 7 වෙනි task එකේ Start date එක සැප්තැම්බර් 3 ඉඳන් 6 වෙනිදට පැනලා. (4, 5 නිවාඩුනේ... නිවාඩු දවස් ගැන මම Project Calendar පාඩමේදි කියලා දෙන්නම්. MS Project වල Standard Calendar එකේ සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් කියලා සඳහන් වෙලා තියෙන නිසා තමයි ඒ දවස් අත ඇරල 6 වෙනිදට පැන්නේ) ඊලඟට බලන්නකෝ summary task එක දිහා. sub tasks ඇතුලේ අන්තිම Finish date එක තමයි summary task එකේ Finish date එක. ඒ එක්කම, Duration එකත් වෙනස් වෙලා. කළිං summary task එකේ Duration එක තිබ්බේ 4hrs විදියට. ඇයි පැය 4 ගානේ එක වෙලාවේ වැඩ කෙරෙන parallel tasks 4ක් විදියටනේ ඒ 4 තිබ්බේ. දැං එකක් අනිත් එක ඉවර වෙලා කරන විදියට predecessors set කළාම summary task එකේ Duration එකත් වැඩි උනා. හරි අපූරුයි නේද?
No comments:
Post a Comment